Thursday, May 30, 2013

ආදරය




විශේශයෙන් ආදරය කරන ඔබටයි.

මේ ලෝකෙ තිබෙන හැම බැදීමක්ම ඇතිවෙලා තියෙන්නෙ උතුම් ආදරය මත
ඉතින් මේ ආදරය ශක්තිමත් උනොත් හැම බැදීමක්ම ශක්තිමත් වෙනව. නිසා මට හිතුන ආදරය කරන ඔබට වටිනා උපදෙස් ටිකක් කැටිකොට සදහන් කරන්න. හොදින් කියවා තේරුම් ගෙන විදින්න ඔබගේ ජිවිතයත්.

ඔබ පෙම් වතියක් නම්....

*ඔබ ඔබගේ පෙම් වතා හෝ ස්වාමියාව හොදින් තේරුම් ගන්න.ඇතැම් විට ඔහු සැර පරුශ කෙනෙක් විය හැකිය, නැතිනම් ඔහු අහින්සක හෝ බුද්දි මට්ටමින් ඉහල හෝ පහල කෙනෙක් වන්නටද පුලුවන්.මේ කුමන කෙනෙක් උවත් ඇතිකරගත් බැදීම් අපට නැතිකරගත නොහැක.එතැම් විට එසේ සිදු උනොත් විවිද කරදර වලට අපට මුහුන දීමට සිදුව්යහැකිය,
*හැකිතරම් ඔබ ඔහු සමීපයෙන් සිටින්නට උත්සහ කරන්න.
*ඔබ ඔහුගේ දුකේදී සැපේදි කවදාවත් පිටු පාන්න එපා.එය මහා වෙදනාකරී දෙයකි.ඒ බව ඔබට ඇතෙම් විට නොහැගුනත් ඔබට ඒ තත්වය වැටහෙන්නේ  ඔබත් එලෙස තනි උන දිනකය. 
*ඔබ ඔහුගේ වැඩකටයුතුවලට හැකිතරම් සහය වන්න.හැකි තරම් ඔහුගේ හිත ශක්තිමත් කරන්න.ඔහු කාර්ය බහුල වෙලාවට ඔහුට කරදරයක් නොවන ලෙස සිටින්නටද  වග බලා ගතහොත් නුවනට හුරුය.මන්ද එයින් ඔහුට ඔබව වදයක් විය හැකි බැවිනි. ඔබ බිරිදක් නම් මෙම කරුන ඔබට ඉතා වැදගත් විය හැකිය.ඇතෙම් විට ඔහුගෙන් ඔබේ පවුල යැපෙන්නට පුලුවනි.ඒ හේතුව නිසාම ඔබ ඔහුට ශක්තිය දීම ඉතා යහපත් දෙයකි.
*ඔහුට ඔබ ගැන ඔබේ පවුල ගැන ආසවක් ඇති කරන්න උත්සහ ගන්න.
ඔබ ඔහු සමග හුදෙකලාවී කාලය ගතකරන්න.ඔබේ අනාගතය ගැන සිහින මවන්න,එහිදි ඔහුගේ අදහස් වලට හොදින් සවන් දෙන්න,ඔහුගෙන් අදහස් විමසන්න.
*ඔහුගේ හැගීම් දෑනීම් වලට ඉඩ සලසන්න.ආදරය කරන ඔබතුල විවිද හැගීම් දැනීම් ඇති වීම සාමන්ය දෙයකි.එය ලොව සිටින ඔනෑම සත්වයකුට නියත දහමකි.එහිදී ඔහුට එම විදීම් වලට සහය වන්න.ඔහුව සතුටු කරන්න.
ඔබ ඔහුට ගෞරව කරන්න.එය නිතැතින්ම ඔබගේ දිවියට අවශ්ය කරුනකි.ඔහු හා වාද කිරීමට යෑමෙන් වලකින්න.ඔහු පවසන දේ වලට හැකිතරම් සාවදානව සවන් යොමන්න.සවාමියාට යටහත්පහත් බවක් දැක් වීම බිරිදකගේ උතුම් ගුනාන් ගයකි.මෙම හේතුව නිසා ඔහු ඔබ කෙරෙහි සෙනෙහස දැක්වීමට පෙල බීම නොරහසකි.
සෑම දිනකම තේ එක කෑම එක පිලිවෙලට සකසා ඔහුට පිලිගන්නවන්න.ඒ සෑම උදෑසනකම සුන්දර සින්හවකින් මුව සරසාගන්නට උත්සහ ගන්න.එය ඔහුට ශක්තියක් වනු නොවනුමානය.දරුවනට තම පියා කෙරෙහි ගෞරවයක් ඇතිකරවන්න.තවද ඔහුගේ එදුම් පැලදුම් පිරිසිදුකර දීම ඔබට පැවරෙනා වගකීමකි.ඒ බව ඔබ සිතට ගන්න.ඔබත් රැකියාවක් කරන ගෘහනියක් නම් මේ කටයුතු එලෙසම ඉටු කර දීම අපහසු වේ,ඒ බව ඔහුට පෙන්වා දෙන්න. නමුත් බ කොපමන කාර්ය බහුල උවත් ඔහු සමග කාලය ගත් කාර්න්න උත්සහ ගන්න.  දෙන්න.නමුත් ඔබ කොපමන කාර්ය බහුල උවත් හු සමග කාලය ගත කරන්න කාලය වෙන් කරවාගන්න.
ඔබ පිරිසිදුව සිටින්න.මෙහිදී සදහන් කරන්නේ ඔබගේ ආද්යාත්මික හා කායික පිරිසිදු කම පිලිබදවයි.ඔබ ඔබගේ ගෘරවය රකින්න.අයතා සම්බන්දතා පැවැත් වීම් ඉතා බයානක වේ,එවිට ඔබගේ විවාහ දිවිය,කොයි මොහොතේ හෝ දෙදරායාමක් සිදුවේ.ඒ බැව් තරයේ සිතට ගන්න.ඒ වගේම ඔබ කායිකවද පිරිසිදුව සිටින්න.සුවදවත්ව සිටින්න.එය තමන්ගේ පෙම් වතාගේ සිත ඇද බැද තබා ගේනීමට උපකාරිවේ.තවද ඔබ පුරුශ පක්ශයේ මිතුරන් ඇසුරු කර ගැනීම,නිවසට ගෙන්වා ගෙනීම හැකි තරම් සීමා කරන්න.
ඔබ කාන්තාවක් බව තරයේ සිතේ තබා ගන්න.මෙය අද සමාජයට ඉතා වැදගත් මතෘකාවකි.ඔබ කිසි දිනක පිරිමියෙක් යැයි සිතන්න එපා.මන්ද පුරුශයකු ආදරය කරන්නේ තවත් ස්ත්‍රියකට මිසක පිරිමියෙකුට නෙමෙයි. ඔබ ඇදුම් පැලදුම් අදිය පලදින විට ඔබ කාන්තාවක් බව මතකයේ නිතර තබා ගන්න.ඔබ ඔබගේ කාන්තාබාවය සුරකින්න.ඔබ මවක් නම් ඔබගේ මතෘත් වයට ගරු කරන්න.ඔබ කතා බහ කරන විට ඉතා සන්වරව කතා කරන්න.
*ඔබ අන් අය සමග ඇසුර දුරින් තබා ගන්න උත්සහ ගන්න. මන්ද යත් ඔබ කාන්තාවක් නිසා සමාජය ඔබට විවිද චෝදන එල්ල කිරීමට පෙල බීම අද සමාජයේ දුර්වල තාවයකි.මෙය ඔබගේ ආදර වන්තයාට අරන්චි උවහොත් අනවශ්ය කරදර ඇති වීමට හේතු වේ. මෙහි සදහන් කරුනු බුද්දිමත්ව වටහා ගන්න.එය ඔබගේ ජිවිතය සුන්දර කරගන්න.මන්ද යත් ඔබට මෙලොව වටින එකම සම්පත ඔබගේ පවුල් ජිවිතය වනු ඇත.මේය කියවූ ඔබ මේ පිලිබදව අදහසක් 
කමෙන්ට් කරයාම ඔබ සතු ගුනයක් සේ සලකමි.
ඔබට සදා ජය.


ඔබ පෙම්වතෙක් නම්....
ඔබත් ඔබේ ආදරවන්තිය ඔබ සතු කරගැනීම සදහා ඔබබේ යුතුකම් නිවැරදිව ඉටු වේද යැයි සලකා බලන්න.
*ඔබ ඇයව හොදින් වටහා ගන්න.ඇයව තේරුම් ගන්න සෙමවිටම.ඔබ නිතර කිපෙන සුලු කෙනෙකුනම් හැකිතරම් ඉවසීමෙන් කටයුතු කරන්න. එතැම් විට ඇය බොලද තැනැත්තියක්නම්,නැත්නම් බුද්දි මට්ටම්න් අඩු නම් ඒ පිලිබද ඔබ විමසිලිමත්ව කටයුතු කරන්න.ඇය ඒ කුමන මට්ටමක සිටින කෙනෙකු උවත් ඔබට ඇයගේ අදරය ඒ හැම දේකටම වඩා ව්ටිනු ඇත.විටෙක ඇය ඔබේ මවයි.ඔබ නලවන නලගනයි,ඔබ සනහන අදර වන්තිය ඇයයි,සිරියහනේ සුරකුමරියයි ඇය නැතිකර ගැනීම කොහොමටවත් බැරිය*ඔබ ඇය සමග හුදෙකලා වන්න.
*ඇය සමග කාලය ගතකරන්න.ඇයගේ සිතුවිලි වලින් බත් සිතන්න උත්සහගන්න.
*ඇතැම් විට ඇයගේ නොතේරුම් කමට ඔබගේ සිත් රිදිම් ඇතිවේ,එවිට ඔබ ඉවසන්න පුරුදු වන්න.හැම වරදක්ම ආදරයෙන් පෙන්වාදෙන්න උත්සහ ගන්න..
*සත්ය කරුනක් නම්කාන්තාවපිරිමියාට වඩා බුද්දි මට්ටමින්  අඩුබවයි.මේ හේතුන් නිසාම ඔවුන් ගේ සිත් චන්චලය.නිතැනින්ම වෙනස් වීමට පෙලබේ.මෙය ඔබ බුද්දිමත්ව සිතන්න,ලොව සිටින කාන්තාවන්ගෙන් 98%පිරිසක් මෙලෙස වේ.ඔවුන්ව රවටා ගන්න තවත් පිරිමියෙකුට ඉතා පහසුවේ. එබැවින් ඇය හා ඇති පුරුශ ඇසුර තරමක් දුරට සීමා කරන්න,ඔබ නිවසට යහලු මිත්‍ර අදීන් ගෙන්වා ගැනීම් පමනට සිදු කරන්න.ඒ අවස්තාවලදි ඇයව නිවසේ තනි කිරිමෙන් වලකින්න.එවිට විවිද ඇයට කරදර සිදු ව්ය හැක.
*බොහෝ කාන්තවන් රන් ආබරන වලට කෑමැත්තක් දක්වන බව මතක තබා ගන්න,එබැවින් ඔබට හැකි පැඉදි ඇයගෙ එම අසාවන් ඉටු කර දෙන්න.නමුත් අග හිග කම් ඇයට පවසන්න,ඇය සමග කතාකරන්න,ඇයට දැනෙන්න හරින්න ,එය ඉතා වැදගත් දෙයක් වේ.
*මිනිසුන් වන අප අතර විවිද වැරදි සිදුවේ.මෙවන් අවස්තාවක් උදා වුවිට ඒය ඇයගෙන් වසන් කිරීමට එපා,ඇයට ඒ ඉලිබදව පවසන්න.ඇය සමග සාකච්චා කරන්න.කිසිම ලෙසකින් ඇය ඔබට පිටු පාන්නෙ නැතිබව සිතටගන්න.
*කිසිදිනක ඔබ ඇය ඉදිරියේ බොරු කාරයෙක් වන්නට එපා,එවැනි වැඩ කරන්නත් එපා.
*ඔබගේ ජිවිත්යේ තිරන ඔබ පමනක් නොගන්න.ඇය සමග සාකච්චා කර ඇයගේ අදහස්ද ලබාගන්න.
*ඔබත් පිරිසිදුව සිටින්න.ඇයගේ සහයද එයට ලබාගන්න.
*ඇයගේ හැගිම් වලට ඉඩ දෙන්න,යහනේදි ඇය සොයන සතුට ඇයට දෙන්න.
*ඔබ කොත්‍රම් කාර්ය බහුල උවත් ඇයසමග නින්ද්ට යන්න උත්සහ කරන්න.යහනේදි ඔබ දෙදෙන නදුනන්නන් සේ සයනේ සිටිමෙන් වලකින්න.
* ඔබ වැදගත් විදියට ජීවත් වන්න.ඇයට වදයක් වන්නට එපා.ඇයගේ ආදරය නිතර ඉල්ලා යමෙන්ද වලකින්න.
*විවිද උපක්‍රම මගින් ඇයව මනින්න.ඇයගේ පිරිසිදු බාවය,ඇයගේ සිතුම් පැතුම් පරීක්ශා කරන්න.ඇය වැරදි කාරයක් බව ඔප්පු උනොත් ඔබ කරුනාකර ඇයගෙන් වෙන් වන්න. එවන් කාන්තාවක් සමග ජීවත් වීමෙන් ඔබගේ ජීවිත්ය විනාස විමට ඉඩ ඇත.
මෙහි සදහන් කරුනු බුද්දිමත්ව වටහා ගන්න.එය ඔබගේ ජිවිතය සුන්දර කරගන්න.මන්ද යත් ඔබට මෙලොව වටින එකම සම්පත ඔබගේ පවුල් ජිවිතය වනු ඇත.මේය කියවූ ඔබ මේ පිලිබදව අදහසක් 
කමෙන්ට් කරයාම ඔබ සතු ගුනයක් සේ සලකමි.
ඔබට සදා ජය.