Sunday, October 13, 2013

හැගිම් වලට වහල් වෙන්න එපා

හැගිම් වලට වහල් වෙන්න එපා

කුමක් මේ හැගීම් කියන්නෙ?
අපිට පුලුවන් හිතන්න අපේ සිතට දැනුන සිතුවිල්ලක් හැගිමක් කියල හිතන්න.කොහොම නමුත් මම මේ උත්සහ කරන්නෙ හැගීම් ගැන ඔයාලට කියල දෙන්න නම් නෙමෙයි,මම කතාකරන්න යන්නෙ හැගිම් වලට වහල් වීම නිසා අපේ ජීවිත කොයිතරම් විනාශ කරගන්නවද?මොහොතක් සිතන්න මොහොතකට සුවදෙන ලෝකයක ජිවත් වෙන අපි මොනවද කරන්නෙ කියල?ආදරනීය දුවේ පුතේ,අයියෙ ,අක්කෙ,මේ ලිපිය ඔබටමයි....

අපිට සිතෙන සිතුවිලි අපනයි,දැනෙන සිතුවිලි අපායි,අපේ සිත අපෙන් ඉල්ලන දෙවල් මෙතෙකයි කියල කියන්න බැහැ.දකින දකින දේ අපෙන් ඉල්ලනව,හැමදාමත් අපි හොයාගෙන යන්නෙ සතුටමයි.අපි කොහේ ගියත් නවතින්නෙ අන්තිමෙදි මොකක්හරි අපිට සුවයක් සැපතක් තියන තැනක් නේද,ඉතින් අපිත් හිතන්නෙ මොකක්ද මේක තම්යි අපෙ ජිවිතේ,මේක තම්යි ආතල් එක,මෙහෙම ඉන්න තිබුනනම් තවත් මොනවද?අපිට තව මොනවද ඕන.උන්නත් එකයි මලත් එකයි,අර අපේ කාලේ සින්දුවකුත් තියෙන්නෙ '' අපිට කන්න දෙනවනම්..

                                      බොන්න දෙනවනම් තව මොනවද ඕන කියන්නේ කියල; ඔබ දන්නවද ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ,අපි කලේ මොනවද?හැගිම් වලට වහල් වෙවී සැප හොයාගෙන ගියා,අපි හෙව්ව සතුට සැප සමහර වෙලාවට අපිට ලන්කරගන්න අපි මොනව්ද කලේ,අපේ වටින දේවල් නැතිකරගත්ත,අපිට අපේ ගොඩක් වටින දේවල් වලින් ඈත් වෙන්න සිද්ද උනා,ඇතැම් වෙලාවට අපේ ආදරනිය අම්ම තාත්ත අපි මේ දේවල් නිසා නැතිකරගත්ත,අපිට ආදරය කරන අය අපිට ජීවිතේ ගැන කියල දෙන්න,කියල දුන්න අය අපෙන් ඈත් වෙලා යන්න ගියා,අපි නිවටුන් වගේරැවටුනා,අපිට හිතන්න මොලයක් තිබුන ඒත් අපි මේ දේවල් ගැන හිතුවෙ නැහැ කවදාවත්,අපි අපි අපිටත් හොරා සිතටරැවටිලා වින්නශයටම යන්න ගියා,අද සමාජයේ  හුගක් මිනිස්සුන්ට උනේ මේකයි මෙතන තමයි අපි වරද්ද ගත්තෙ,අන්තිමේදි සතුට සැපත හොයාගත්ත කෙන මේ සතුට ටික කාලයක් වින්ද,එත් මේ හැම සතුටක්ම,සැපතක්ම තාවකලිකයි,එක්කො මේ දේවල් අනිත්යයි,නැත්නම් මේ රසය,සතුට අපිට දැනෙන්නෙ ටික කාලයයි,අපිඅට හේම සතුටක්ම ටික කලෙකින් දුකක් වෙනව මේක ත්මයි ඇත්ත කතාව නිසා ඔබ මොන දේ කලත් හිතන්න මේ හැම දෙයක් තාවකාලික බව නිසා,කවදාවත් හැගීම් වලට වහල් වෙලා ආසාවන් පස්සෙ දුවන්න එපා,ගන්න හැම තීරනයක්ම මොලයෙන් ගන්න,කවදාවත් මේ දේ වල් නිසා ජිවිතේ වටින දේඅවල් නැතිකරගන්න එපා.මොහොතක් සිතන්න මේ ගැන ඔබත් ඔබ තාමත් පරක්කු නැහැ ඇතෙම් විට මම සිතනව මේ ලිපිය ඔබට හොදටම ප්රමානවත් ඔබේ ජීවිතය සාර්තක කරගන්න,ඒනිසා සිතන්න මේ ගැන,මොලයෙන් තීරන ගන්න.අපි ව්දින්න.ජයවේවා ඔබට.

1 comment:

  1. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete